November 17, 2017

“පටිපදා” උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

By admin - Tue Nov 26, 3:53 am

DSC_2303 - Copy copy
මැ‍ලේසියාවේ පිනෑන් හි ශ්‍රී මහින්දාරාමයට අනුබද්ධ කටාන පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරයට මුල්ගල තැබිමේ උත්සවය අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

පිනෑන් හි ශ්‍රී මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවැති මෙම උත්සවයේදී අගමැතිවරයා විසින් විහාර මන්දිරය ඉදිකිරීමට මංගල පස් පිඩැල්ල කැපීමෙන් අනතුරුව අංගසම්පූර්ණ භාවනා කුටි සහ අමත නිදහස් වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කළේය.

මැ‍ලේසියාවේ බටර්වර්ත් බෞද්ධ සංවිධානයේ සභාපති ඩඥඥ ඕධධථ ඛිඩධදඨ මහතාට අගමැතිවරයා විසින් විශේෂ සහතිකයක් පිරිනැමූ අතර සියලු චීන ජාතිකයන් වෙනුවෙන් ඒදදඥ මහත්මිය විසින් අගමැතිවරයාට විශේෂ තිළිණයක් ප්‍රදානය කෙරිණ.

මෙම අවස්ථාවට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ උපපරිවේනාධිපති නාවින්නේ සුගුණධම්ම නාහිමි ඇතුළු මහ සඟරුවන සහ සමාජසේවා ඇමැති ෆීලික්ස් පෙරේරා, මේජර් ජෙනරාල් දවුලගල යන මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ.

පටිපදා බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ගතාරේ ඤාණාලංකාර හිමි ඇතුළු පිරිස මෙම උත්සවය සංවිධානය කර තිබිණි
DSC_2352 copy

DSC07998 copy

DSC08023 copy

DSC08035 - Copy copy

DSC08043 copy

DSC08045 - Copy copy

DSC08074 copy

DSC08077 copy

DSC08095 copy

Leave a Reply