November 22, 2017

භික්ෂූන් දසනමක් මාරාන්තික උපවාසයකට සූදානම්

By admin - Thu Nov 28, 7:48 am

davanagala
භික්ෂූන් වහන්සේලා දසනමක් බ්‍රහස්පතින්දා(28) මාවනැල්ල නඟර මධ්‍යයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ.මේවනවිට උන්වහන්සේලා අදාල ස්ථානයට වැඩමකොට සිටී. දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ මෙහෙයවීවෙන් එම උපවාසය පැවැත්වෙන බව කියැවේ.

කලක් දළදා වහන්සේද වැඩසිටි බව පැවසෙන සබරගමුවේ ඉපැරණි බොදු පුදබිමක් වන දෙවනගල පුදබිම මේවනවිට පිරිසකගේ ග්‍රහණයට නතුව ඇති බවත් එම පුදබිම පුරා ඔවුන් සිය බලය පතුරුවා ඇති බවත් කියැවේ.

මේ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් අදාල බලධාරීන්ට කරුණු කීවද කිසිදු ප්‍රථිපලයක් නැතිබව පවසන දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය සිය උපවාසය අවසන් කරන්නේ මීට ස්තිර විසඳුමක් දුන් විට බවද කියයි.මේවනවිට මාවනැල්ල නඟරයට සෑහෙන පිරිසක් රැස්ව සිටී.

Leave a Reply