November 22, 2017

බුදුරුව සහිත කැලැන්ඩර් අලෙවි කළාට දඩ

By admin - Fri Nov 29, 3:53 am

flag1
බුදු දහමට නිගාවන අයුරින් බුදුරුව සහිත කැලැන්ඩර් පානදුර කුකුල් මස්‌ වෙළෙඳසලක තබාගෙන සිටීම සම්බන්ධ චෝදනාවකට වරද පිළිගත් වෙළෙන්දන් දෙදෙනකුට පානදුර අතිරේක මහෙස්‌ත්‍රාත් සඳුන් විතාන මහතා විසින් රුපියල් එක්‌දහස්‌ පන්සියය බැගින් දඩ නියම කෙරිණි.

එම දඩයට අමතරව එම සිද්ධිය පානදුර පොලිසිය වෙත පැමිණිලි කරන ලද බෞද්ධ භික්‍ෂූන් දෙනමගෙන් විවෘත අධිකරණයේදී සමාව ගතයුතු බවද නියම කෙරිණි.

ඒ අනුව පානදුර පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද චූදිතයන් දෙදෙනා භික්‍ෂූන් දෙනම ඉදිරියේ දන නමස්‌කාර කර වැඳ සමාව ගැණින.

Leave a Reply