November 22, 2017

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධූරයෙන් පිදුම් ලද පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ජනපති ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කරයි

By admin - Sat Nov 30, 5:51 am

jana-atta
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධූරයෙන් පිදුම් ලද අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක, කලපළුවාව ගෝතම තපෝවන මධ්‍යස්ථානාධිපති මහෝපාධ්‍යාය පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ත්‍රිපිටකවේදී තපෝවනයේ දමිත හිමි හා කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමි විසින් සංස්කරණය කරන ලද “පරම පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි ස්වාමීන්ද්‍ර සම්ප්‍රදාය” කෘතිය මේ අවස්ථාවේදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

පුණ්‍යෝත්සවයේ විශේෂ අනුශාසනාව අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපාණන් වහන්සේ සිදු කළහ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ, රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නායක හිමිපාණන් වහන්සේ, සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ වැඩබලන මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මීට වැඩම කර සිටියහ.
3

4

Leave a Reply