November 19, 2017

හොරණ විද්‍යාරත්න පිරිවෙන් විද්‍යායතනයේ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට

By admin - Mon Dec 02, 4:00 am

horana1_copy
හොරණ විද්‍යාරත්න පිරිවෙන් විද්‍යායතනයේ නව රංග ශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිසු අයිතියට පැවරිණි.

ඉතිහාසය තුළ දශක අටකට අධික කාලයකින් රාජ්‍ය නායකයෙකු එම විද්‍යායතනයට පැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීය.

“රංගශාලාභිෂේක 2013” ග්‍රන්ථය හා විජේරත්න පතිරාජ මහතා විසින් සම්පාදනය කරන ලද “කළුගංතොට නාට්‍යකරුවෝ” කෘතියද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

විද්‍යායතනයේ පීඨාධිපති ඕපල්ලේ ඤාණසිරි ස්වාමීන් වහන්සේ වෙත උපහාර තිළිණයක් පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු විය. ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් උන්වහන්සේද ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

Leave a Reply