November 22, 2017

ශ‍්‍රී පාද වන්දනා සමය හෙට ඇරඹේ

By admin - Sat Dec 14, 7:24 am

Sripada
මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා සමන් දේව ප‍්‍රතිමාව හා සධාතුක කරඬුව වැඩම කරවීම හෙට උදෑසන පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා

මෙවර සමන් දේව ප‍්‍රතිමාව හා සධාතුක කරඬුව රන්සිවි ගෙයක් සහ දෝලාවක් උපයෝගී කර ගනිමින් වැඩම කරවීමට නියමිතයි

සමන් දේව ප‍්‍රතිමාව හා සධාතුක කරඬුව එහි තැන්පත් කර ශ‍්‍රීපාද මහ මළුව දක්වා වැඩම කරවීමට සැලසුම් කර තිබෙනවා

මේ මස 16 වන දින උදෑසන යෙදෙන සුභ මොහොතින් ශ‍්‍රීපාද මහ මළුවේ සමන් දේව ප‍්‍රතිමාව හා සධාතුක කරඬුව තැන්පත් කිරීමෙන් පසු 2014 වසරේ ශ‍්‍රී පාද වන්දනා සමය ආරම්භ වෙනවා

එය 2014 වසරේ වෙසක් පොහෝ දිනයෙන් අවසන් වෙනවා

Leave a Reply