November 19, 2017

බි‍්‍රතාන්‍යයේ පිංකම් සඳහා මහ සෙනඟක්

By admin - Sat Jan 04, 7:07 am

2
තිස්ස මඩවල – ලන්ඩනයේ සිට

මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන නගර යන්හි පිහිටුවා ඇති ශ‍්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලගේම ජනවාරි පළමුවන දින ආශිර්වාද පිංකම් රැුසක්ම පැවැත්වුනි.

උදෑසන 7 සිට රාත‍්‍රී 8 දක්වාම පැවැත්වුන බුද්ධ පුජා, ධර්ම දේශනා, ධර්ම සාකච්චා, භාවනා සහ පිරිත් දේශනා සඳහා ව්ශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගිවනු දක්නට ලැබුණි.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන ෙ:රවාදී බෞද්ධ විහාරස්ථානය වන ලන්ඩන් බෞද්ධ විහාරයේ දවස පුරාම පිංකම් පැවැත්විණි.

මේසඳහා ශ‍්‍රී ලාංකික මෙන්ම ලන්ඩනයේ ජීවත්වන විවිධ ජාතීන්ට අයත් බෞද්ධ සැදැහැවතුන් සහභාගිවුහ.

මේ දිනවල එංගලන්තයේ පවතින අයහපත් කාලගුණික තත්වය පවා නොසලකා හරිමින් මෙම විහාරස්ථාන සියල්ලක් කරාම බලාපොරොත්තු නොවූ ප‍්‍රමාණයක විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ සිටිනු දැනගැනීමට ලැබීම ගැන ඉතාමත් සතුටට පත්වන බව ”‍ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධ්නා සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියෝ පැවසුහ.

උතුරු ලන්ඩනයේ ශ‍්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මද්‍යස්ථානයේ පැවති පිංකම් සඳහාද අතිවිශාල බැතිමතුන් සංඛ්‍යාවක් සහභාගිවුබව විහාරාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියෝ පැවසුහ.

විහාරස්ථානයට අනුබද්ධිත ශ‍්‍රී විෂ්ණු කතරගම දේවාලයද දවස පුරාම බාර හාර හා පුද පුජා පැවැත්වීමට පැමිණි බැතිමතුන්ගෙන් පිරි පවතුනබව එම කටයුතු බාර අරුණ ශාන්ත සහ පණ්ඩුකවික‍්‍රමරත්න පැවසුහ.

දෙසැම්බර් 31 වනදා රාත‍්‍රිය පහන්වනතුරු නව වසරට සෙත්පතා පවත්වන ලද ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපු පිංකම සඳහාද බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි සැදැහැවතුන් පිරිසක් සහභාගී වූබව සංවිධායකයින් පැවසුහ.

නැගෙනහිර ලන්ඩනයේ ප්ලාස්ටෝ, රෙඞ්බි‍්‍රජ්, ඊස්ට්හැම්,එඞ්මන්ටන්,සේල්ස්ඩන් සහ හවූන්ස්ලෝ නගරයන්හිත් ලන්ඩන් නුවරින් පිට ග්ලාස්ගෝ, බර්මින්හැම්, මන්ච්ස්ටර්, බි‍්‍රස්ටල්, ලේච්වර්ත්, ඕල්ඞ්හැම්, ලෙස්ටර් සහ ඔක්ස්ෆර්ඞ් යන නගරයන්හි පිහිටි ශ‍්‍රී ලාංකික විහාරස්ථාන වලද පළමුවෙනි දින දවස පුරාම පින්කම් පවත්වනු ලැබිය.
1B

3

6

7

8

9_1

13

15

16

17

18

20

22

Leave a Reply