November 17, 2017

කොළඹ මහාරෝග්‍ය ශාලාවේ පැතුම් බෝධිය වටා ඉදිකල නව ‘බෝධිඝරය’ විවෘත කරයි

By admin - Tue Jan 07, 3:30 am

New_Bodhigara_to_house_sacred_Bo_Tree_at_General_Hospital_vested_on_public_20140106_03p10
කොළඹ මහාරෝග්‍ය ශාලාවේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති ‘පැතුම් බෝ රුක’ ආවරණය වන පරිදී ඉදිකරන ලද නව ‘බෝධිඝරය’ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ආගමික වත් පිළිවෙත් මධ්‍යයේ විවෘත කරන ලදී.
අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය ආචාර්ය දවුල්දෙන සිරි ඤාණිස්සර හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙහි ආගමික වතාවත් සිදුකරන ලදී. අද දින විවෘත කරන ලද නව බෝධිඝරය නිසා මෙම පැතුම් බෝ රුක වන්දනාමාන කරන බැතිමතුන්ට කාළගුණ විපර්යාස පවතින අවස්ථාවලදී පවා කිසිදු අවහිරයකින් තොරව මෙය වන්දනාමාන කිරීමේ අවස්ථාව උදාවි ඇත.

විපස්සි බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රජවැල්ලේ සුබෝධි නාහිමියන්ගේ අදහසක් අනුව ඉදිකරන ලද මෙම නව බෝධිඝරය ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ගොඩනැගීම් කටයුතු සිදු කරන ලද අතර රෝහල් සාමාජිකයින්ගේ හා බැතිමතුන්ගේ පූර්ණ සහයෝගයද මේ සදහා නොඅඩුව ලැබි ඇත.

රුදුරු ත්‍රස්තවාදය අප මව්බිමෙන් තුරන් කිරීම සදහා ආරක්ෂක ලේකම්තුමා විසින් දක්වන ලද දායකත්වයට ගෞරව දැක්වීම පිණිස මෙම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරියුම් කර තිබුණි.
මෙම අවස්ථාව සදහා අති පූජ්‍ය මහා සංඝ රත්නය, ඉංජිනේරු නිවාස හා පොදු පහසුකම් පිළිඹද අමාත්‍ය විමල් වීරවංශ, කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජයසිංහ, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රෝහල් කාර්ය මණ්ඩලය හා බැතිමතුන් විශාල සංඛ්‍යාවක්ද සහභාගී වී සිටියහ.



Leave a Reply