November 22, 2017

සූරියවැව ඉපැරණි විහාරයක නිධන් හාරමින් සිටි 8ක්‌ අත්අඩංගුවට

By admin - Tue Jan 07, 3:45 am

p1-2
සූරියවැව වැලිවැව රජයේ රක්‍ෂිතයේ ඉපැරණි විහාර භූමියක නිධන් වස්‌තු ගැනීමට කැණීම් සිදුකළ සැකකරුවන් අටදෙනකු සමඟ භාණ්‌ඩ තොගයක්‌ සූරියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සූරියවැව පොලිසිය හා වල්aසපුගල විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්‌ව මෙම වැටලීම සිදුකර තිබිණි.

නිධන් හාරමින් සිටි සැකකරුවන් සමඟ මල් පහන්, දුම්කුඩු, උදලු, අලවංගු, තාච්චි සමඟ යතුරුපැදි තුනක්‌, මෝටර් රථයක්‌ ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අඟුණකොලපැලැස්‌ස, මුරවැසිහේන සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

Leave a Reply