November 19, 2017

රිටිගල පුරාවිද්‍යා රක්ෂිතයේ සංචාරක පහසුකම් වැඩිදියුණු කෙරේ

By admin - Wed Jan 08, 6:10 am

download
අනුරාධපුර දිස්ත්‍රිකයේ පලුගස්වැව, කැකිරාව හා ගලෙන් බිදුණු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් රිටිගල පුරාවිද්‍යා රක්ෂිත කලාපයේ සංරක්ෂණ කටයුතු හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය 2014 වර්ෂයේ ආරම්භ කර ඇත.

මෙහිදී අක්කර 7200ක පමණ භූමි ප්‍රදේශයක රිටිගල රක්ෂිතය පැතිර ඇති අතර, එයින් අක්කර 300ක් පමණ පුරාවිද්‍යා රක්ෂිතය ට අයත්වේ. ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අමරාවතී කන්ද, පටලියහින්න සහ කිරිවැල්ලහින්න යන කඳු ශිඛර 07කින් සමන්විත වේ.

රිටිගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පවතින ස්මාරක සංරක්ෂණය කිරීම, රිටිගල රක්ෂිතය සහ එම ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, සම්ප්‍රදායික සංචාරක ආකර්ෂණය ස්ථාන වලින් බැහැරව නවතම සංචාරක ආකර්ෂණය ස්ථානවලට යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණු වශයෙන් හැදින්විය හැකිය.

යටිතල පහසුකම් සංවර්ධනය යටතේ බොරළු මාර්ග සකස් කිරීම, තොරතුරු මධ්‍යස්ථානයක් හා මුර කුටියක් ඉදි කිරීම, අභ්‍යන්තර පාරවල් හා පෙත්මං සකස් කිරීම, ජල විදුලි හා සනීපාරක්ෂක සේවා සැපයීම සිදු කරණු ලබයි. මෙම ව්‍යාපෘතිය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරණු ලබයි. මේ සඳහා වැයවෙන මුදල රුපියල් මිලියන 48කි.

Leave a Reply