November 22, 2017

රාමඤ්ඤ මහා නිකායේ 150 වැනි සංවත්සරය අදයි

By admin - Sat Jan 18, 8:14 am

flag1
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 150 වැනි සංවත්සරය අද(18) ට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් ජාතික ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරා අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය සහ ශ්‍රී මහා බෝ සමිඳු කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ.

ආගමික වතාවත් සහ සංවත්සරික මහා සභාව සෑ රදුන් අභියසදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

මෙම 150 වැනි සංවත්සරයේ ප්‍රධාන අංගයක් වනුයේ ඒ නිමිතිකොට ගෙන කුල දරුවන් 150 දෙනෙකු පැවිදි දිවියට ඇතුළත් කර ගැනීමයි.

අද පස්වරු 02.00ට අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් භූමියේ සිට මෙම කුල දරුවන් සමූහය මහ පෙරහැරින් රුවන්වැලි සෑ ච්‍යෛ භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව පස්වරු. 03.30ට පැවිදි කිරීමේ කටයුතු මහා සංඝරත්නය විසින් චාරිත්‍රානුකූලව සිදු කරනු ලැබේ.

මීට අමතරව ‘සසුන පොබ කළ රජරට රාමඤ්ඤ භික්ෂු වංශය‘ නමැති ග්‍රන්ථය අතිපුජ්‍ය නාපාන පේමසිරි නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය විසින් ජනාධිපතිතුමාට පිළිගැන්වීමද සිදු කෙරේ.

එමෙන්ම අනුරාධපුර අභය ගිරි පූර්‍වාරාම විහාරාධිපති පූජ්‍ය පොතානේ ධර්‍මා නන්ද නාහිමිපාණන් වෙත උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍රය විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්දසේන සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියාර් අද්මිරාල් ආනන්ද පීරිස් යන මහත්වරු අතින් රාමඤ්ඤ නිකායේ 150 වැනි සංවත්සරය නිමිතිකොට ගෙන උන්වහන්සේ වෙත පිරි නැමෙනු ඇත.

Leave a Reply