November 17, 2017

වීඩියෝ සහිතයි – කොළඹ හැව්ලොක්පාර සාම විහාර පරිශ්‍රය ජනපති අතින් විවෘත කෙරේ

By admin - Sat Jan 25, 6:05 am

HE Samavihara 24.1.14 1
කොළඹ හැව්ලොක් පාර සාම විහාර පරිශ්‍රය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කෙරිණ.

එහිදි එතුමා සමරු ඵලකය නිරාවරණය කර විහාර පරිශ්‍රය විවෘත කළේය

ජනාධිපතිතුමා අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත මල් පූජා කළ අතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කොට එතුමාට ආශිර්වාද කළහ. ජනාධිපතිතුමා නව විහාරාරාමයද විවෘත කළේය.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රාස්තුපති පූජ්‍ය පල්ලන්තර සුමනජෝති නාහිමිපාණන් වහන්සේ ,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් වහන්සේ ,සාම විහාරාධිපති පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති අතපත්තු කන්දේ ආනන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ. ජ්‍යෙෂ්ඨ ඇමති ඒ. එච්. එම්. ෆවුසි යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම පිංකමට සහභාගි වූහ.

Leave a Reply