November 22, 2017

ආගමික සිද්ධස්ථාන ශ්‍රේණිගත කිරීමට යයි

By admin - Sat Feb 01, 10:40 am

flag1
ශ‍්‍රී ලංකාවේ පිහිටි සියලූ‍ ආගමික සිද්ධස්ථාන ශ්‍රේණිගත කිරිමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව සියලූ‍ ආගම්වලට අයත් සිද්ධස්ථාන මේ වැඩ පිළිවෙලට අනුව ශේණී ගත වනු ඇති බව අමාත්‍යාංශය පවසයි.

කාණ්ඩ 05 ක් යටතේ මෙම සිද්ධස්ථාන ශේණිගත කිරිමෙන් අඩු ආදායම් සහිත දුෂ්කර සිද්ධස්ථාන සංවර්ධනයට ප‍්‍රමුඛතා ලබා දීමට අවස්ථාව ලැබෙන බවත් එවැනි සිද්ධස්ථාන සඳහා ආධාර කණ්ඩායම් හා පුද්ගලයින් හඳුන්වා දී කැපකරු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කළ හැකි බවත් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය කියයි.

මෙම සිද්ධස්ථාන ශේණි ගත කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව අධ්‍යයනය කොට තමන් වෙත වාර්තාවක් ලබා දෙන්නැයි බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැතිවරයා ලෙස අගමැති ආචාර්ය දී. මු ජයරත්න මහතා අමාත්‍යාංශ ලේකම් වරයාට උපදෙස් දී තිබේ.

බෞද්ධ විහාරස්ථාන ශේණිගත කිරිම ප‍්‍රමාද වීම නිසා සම්පත් දායකයන්ට අවම පහසුකම්වලින් යුත් විහාරස්ථාන තෝරාගැනීමට නොහැකි වී ඇති බැවින් ශේණිගත කිරිමේ වැඩ පිළිවෙල කඩිනම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා පසුගිය 26 දා පැවති බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී පෙන්වා දි ඇත.

බෞද්ධ විහාර දේවාලගම් පනත යටතේ ආගමික ස්ථාන ශේණිගත කිරිමට අපේක්ෂා කරන බවත් සෑම ආගමික මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන්ම ඒ ඒ ආගම් පිළිබද කටයුතු කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ප‍්‍රමුඛ පෙළේ ආයනවලින් තොරතුරු ලබාගෙන වාර්තාවක් සකස් කිරිමටත් ඒ අනුව ආගමික ස්ථාන ශේණිගත කිරිමේ වැඩ පිළිවෙල අග‍්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතාගේ උපදෙස් අනුව ක‍්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යාංශයේ ලේකම් එම්. කේ. බී දිසානායක පවසා ඇතැයි සදහන්

Leave a Reply