November 17, 2017

කිරුළපන සිරි ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ දේව මන්දිරය ජනපති අතින් විවෘත කෙරේ

By admin - Mon Feb 03, 3:26 am

He Alen top
කිරුළපන සිරි ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද දේව මන්දිරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ.

විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ප්‍රථමයෙන් බුද්ධ ප්‍රතිමාවහන්සේ වෙත මල් පහන් පූජා කර ආගමික වතාවතවල යෙදුණේය.

අනතුරුව දේව මන්දිරය විවෘත කිරීමට එක්වූ එතුමා එහි ප්‍රථම ආශිර්වාද පූජාවට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිපාණන් වහන්නේ ප්‍රමුඛ මහා සංඝරත්නයද , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණි සේදර සෙනරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Leave a Reply