November 22, 2017

ශ්‍රී පාදස්ථානයේඉදිකෙරුණු ශෛලමය දොලොස්මහේ පහන සහ ඝාණ්ඨාර කුළුන සඟ සතුකර විවෘත කිරීමේ උත්සවය එළැඹෙන 06 වැනිදා පස්වරුවේ සහ 07 වැනිදා පෙරවරුවේ

By admin - Mon Feb 03, 8:27 am

Sripada
ශ්‍රී පාදස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු ශෛලමය දොලොස්මහේ පහන සහ අංග සම්පූර්ණ ඝාණ්ඨාර කුළුන සඟ සතුකර විවෘත කිරීමේ උත්සවය එළැඹෙන 06 වැනිදා පස්වරුවේ සහ 07 වැනිදා පෙරවරුවේ යෙදී තිබේ.

එබැවින් එම දෙදින තුළ ශ්‍රීපාද වන්දනාව සීමා කරන ලෙස ශ‍්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටී.

ඉතා අවම ඉඩකඩකින් යුක්ත ශ්‍රීපාද ඉහළ මළුව පිරී ඉතිරීයන ලෙස එම දින දෙකෙහි මහ සඟරුවන වැඩමකරන බවද උන්වහන්සේ පැවසූහ.
දින ගණනාවක් පුරා හෙලිකොප්ටර් ආධාරයෙන් ශ්‍රීපාදස්ථානයට අදාල ශෛලමය දොලොස්මහේ පහන ඇතුළු කිලෝග‍්‍රෑම් 30,000කට වැඩි

ද්‍රව්‍ය රැගෙන ගියේ මීට දින කිහිපයකට පෙරය.

ශ‍්‍රි පාද ඉතිහාසයේ ගුවන් මගින් ශ‍්‍රි පාද මළුවට භාණ්ඩ රැගෙන ගිය පලමුඅවස්ථාව මෙය බව පැවසූන අතර මෙම භාණ්ඩ එම්.වයි. 24 හෙලිකොප්ටර් යානයෙන්රැගෙන යාම සදහා අළුතින් සකස්කරන ලද දැල් බැගයක්ද යොදා ගනු ලැබීය.

ගුවන්මගින් ශ‍්‍රී පාද මළුවට මෙම භාණ්ඩ රැගෙන යාමට ගුවන් හමුදා, යුද හමුදා සහනල්ලතන්නි පොලිසියේ හා ප‍්‍රදේශවාසින් විශාල පිරිසකගේ සහයෝගය ලැබි තිබුණි.

Leave a Reply