November 19, 2017

ලංකාවේ නිදහස තවමත් සමරන එංගලන්තෙ අපේ මිනිස්සු

By admin - Tue Feb 04, 10:29 am

0 (83)
ශී‍්‍ර ලංකාවේ අභිමානවත් නිදහස් දින උළෙල සිහිපත් කරමින් අතුල දස්සන බහු සංස්කෘතික බෞද්ධ ප‍්‍රජා මධ්‍යස්ථානය මහා බි‍්‍රතාන්‍යයේදී විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුනා.

එය පැවැත් වුනේ හෝන්ස්ලෝ හි ලැම්ප්ටන් පාසල් පරිශ‍්‍රයේදී.

අතුල දස්සන බහු සංස්කෘතික බෞද්ධ ප‍්‍රජා මධ්‍යස්ථානය විසින් ජාතික නිදහස් දිනය සමරා මෙවැනි වැඩසටහන් කි‍්‍රයාත්මක කරනු ලැබූවේ දෙවන වරටයි.

මහා බි‍්‍රතාන්‍යයේ මෙන්ම අයිස්ලන්තයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙරවත් එම කටයුතු පැවැත් වුනා.

උත්සවය අමතමින් මහකොමසාරිස්වරයා මෙහිදී කියා සිටියේ විවිධ පීඩාවන්ට ලක්ව සිටි ශී‍්‍ර ලාංකිකයින් මේවනවිට සැබෑ නිදහස භුක්තිවිදිම්න සිටින බවයි.
ඒ සදහා සිය ජීවිත පරිත්‍යාග කල සියළු පිරිස්වලට නිරන්තර කෘතඥතාවය හිමිවිය යුතු බවද මහකොමසාරිස්වරයා මෙහිදී සිිහිපත් කලා.

උත්සවයේ වැඩකටයුතු සියල්ල සිදුවූයේ අතුල දස්සන බහු සංස්කෘතික බෞද්ධ ප‍්‍රජා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වදුරඹ කස්සප ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් උන්වහන්සේ සදහන් කලේ මෙවැනි උත්සව සංවිධාන කිරීමේ ප‍්‍රධාන අරමුණ විදෙස්ගත තරුන ශි‍්‍ර ලාංකික ප‍්‍රජාවට සිය ජාතිකත්වය පිලිබද අවබෝධයක් ලබාදීම බවයි.

ශී‍්‍ර ලාංකික සංස්කෘතිය පිලිබදව ඔවුන්ට ලබාදෙන අවබෝධය අතිශය වැදගත් වන ආකාරයද උත්සවයේදී මෙහිදී පැහැදිලිකලා.

සංස්කෘතික විශේෂාංග මෙන්ම ගායන නර්තන විශේෂාංගවලින් උළෙල වර්ණවත් වී තිබුනා.

ලෙච්වර්ත් බෞද්ධ විහාරය/ ලන්ඩන් බෞද්ධ විහාරය/ තේම්ස් බෞද්ධ විහාරය ඇතුළු බෞද්ධාගමික සිද්ධස්ථාන රැුසක මහාසංඝ රත්නය මෙන්ම විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් එක්ව සිටියා.
0 (68)
0 (13)

0 (17)

0 (22)

0 (45)

0 (75)

0 (78)

0 (83)

0 (84)

0 (99)

0 (100)

0 (106)

0 (113)

0 (133)

Leave a Reply