November 19, 2017

66 වන නිදහස් සමරුව ප‍්‍රශයේදී ප‍්‍රංශයේ අපේ අය සැමරුවේ මෙසේයි

By admin - Wed Feb 05, 5:26 am

1511952_10201240090464994_1528403650_o
ශී‍්‍ර ලංකාවට නිදහස ලැබී වසර 66 ක් ගත වීම නිමිති කරගෙන ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගියදා නිදහස් අනුස්මරණය උත්සවයක් පවත්වන ලදි .

පූජ්‍ය පරවාහැර චන්දතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි ප‍්‍රංශයේ ක‍්‍රීයාකාරී සංවිධානවලද සහයෝගයෙන් පවත්වනලද මෙම නිදහස් අනුස්මරණය කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය සමඟ ප‍්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති කරණාරත්න හඟවත්ත මැතිතුමන් ප‍්‍රමුඛ තානාපති කාර්යාලයේ නිලධාරීන්ද ප‍්‍රංශයේ වාසය කරණ ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

නලීන් මධුරංග මහතාගේ සහ සාලිත සමරසූරිය පුතනුවන්ගේ දේශාභිමානී ගීත ඇතුලත ් වැඩ සටහනකින් අනතුරුව ලහිරු ප‍්‍රභාෂ්වර පුතාගේ බෙරවාදන මැද තතානාපති තුමන්ගේ අතින් ජාතික ධජය එසවීමෙන් නිදහස් උත්සවය අ ාරම්භ විය. චිරාගත පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නිදහස් උත්සවයට අදාල දේශන කී පයක්ම පවත්වන ලදි.

ප‍්‍රංශයේ ජේතවන විහාරාධිපති පූජ්‍ය මුරුංගගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන්ගේ දේශනයෙන් අමතරව එක් එක් සංගම්වල නිදහස් පණිඩුඩ ඉදිරිපත් කරණ ලදි.

දුලෝකි වික‍්‍රමාරච්චි දුව සහ අමිල වික‍්‍රමසූරිය පුතණුවන් තමන් ඉගෙනගත් සිංහල භාෂාවෙන් නිදහස ගැන අදහස් පවසන ලදි.

මෙම උත්සව සභාවට ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති පූජ්‍ය ශාස්ත‍්‍රපති කෝන්ගස්දෙණියේ ආනන්ද මාහි මි සහ රාජකීය පණ්ඩිත පූජ්‍ය ඔලිදළුවේ ශ‍්‍රී විභූති හිමියන් ප‍්‍රමුඛ මහා සංඝ රත්නය සහභාගීවූ අතර සංවිධාන නියෝජනය කරමින් මහේෂ් පීරිස්, ලලිත් හේවා , රංජිත් කුලතුංග , නීල් ද සිල්වා, නිල්මිණි වීරසිංහ යන මහත්ම මහත්මීන් අදහස් ඉදිරිපත් කළ අතර සේන ගණේවත්ත මහතා කවි පන්තියකින් නිදහසේ ඇති වටිනාකම පහදා දෙන ලදි.

උත්සව සභාව මෙහෙය වන ලද්දේ ප‍්‍රවීන නිවේදක අමර ගුනසේකර සහ ජගත් වික‍්‍රමාරච්චි යන මහත්වරුන් විසිනි.
1511952_10201240090464994_1528403650_o

1522945_10201240077584672_1571451356_o

1523160_10201240085104860_521813182_o

1531858_10201240093065059_537293125_o

1537827_10201240086384892_262314690_o

1547949_10201240094425093_118953829_o

Leave a Reply