November 19, 2017

උරුමය හා කලාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක්

By admin - Wed Aug 21, 3:32 am

උරුමය හා කලාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් අද (21) වැනි දින ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරි මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ආරම්භ විය. කැලණිය විශ්වවිද්‍යාලයේ ආසියානු උරුමයන් පිළිබඳව අන්තර් ජාතික සංගමය හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආසියානු කලාප හා යූරෝපීය කලාප නියෝජනය කරමින් දේශීය විද්වත්හූ රැසක් සහභාගි වූහ. මෙහිදී ප්‍රධාන වශයෙන් ආසියානු කලාපයේ සංස්කෘතික උරුමය, කලාව, ආගම හා භූගෝලීය තත්ත්වය පිළිබඳ දේශන මාලාවක් පැවැත්වීමට නියමිතිය. මෙහි සමාරම්භක උළෙල සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය නන්දා වික්‍රමසි, ජපානයේ සංඝනායක සාංචි විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන්, අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්, කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම, මහාචාර්ය අනුර මනතුංග, සංස්කෘතික අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ඩී.එස්.මල්කාන්ති යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

 

nationalheritage123_200_134

Leave a Reply