November 17, 2017

පිරිවෙන් ප්‍රතිභා ප්‍රදර්ශනය ඇරඹේ

By admin - Wed Feb 19, 2:57 am

educaion-piriven2014_200_134
පිරිවෙන් අධ්‍යාපනයේ මෙන්ම බෞද්ධ ධර්මයේ වැදගත් පුනරුදයක් ආරම්භ වී තිබෙන බවත් බෞද්ධ ධර්මාචාර්ය සමත්, උසස් පෙළ සමත් දහම් පාසල් ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමට ඉල්ලීම් තිබුණද ඒ පිළිබඳ කිසිවෙකු උනන්දු වී නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් පිරිවෙන් දැනුම මිනුම සිසු නිපුණතා අධ්‍යාපනික ප්‍රදර්ශනය කෑරගල පද්මාවතී රාජමහා විහාර පිරිවෙන් භූමියේදී ආරම්භ වූ ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ‘පිරිවෙන් ප්‍රතිභා 2014‘ලෙස නම් කර තිබෙන මෙම ප්‍රදර්ශනය මේ මස (24) වැනි දක්වා පැවැත්වේ.

රටේ ධර්මධර, විනයධර හා ශික්ෂණකාමී හිමිවරුන් ආරක්ෂා කර ගත යුතු බවත්, විවිධ ආගම්වල අධ්‍යාපනය ලබන පිරිස් සඳහා දානපතීන් විශේෂ අධ්‍යාපන ආයතන පිහිටුවා තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ආර්ථික වශයෙන් හා නොයෙක් හේතු මත අසරණ වෙන දරුවන්ට පිහිටවීමේ ශක්තිය සහ හැකියාව අදටත් අපේ පන්සල්වලට හා දායකසභාවන්ට තිබේ. ඒ සඳහා ජාතික වැඩපිළවෙක් අවශ්‍ය වී තිබෙන බවත්, අද වන විට පිරිවෙන් තුළ අද්‍යතන ලෝකයට ගැළපෙන ආකාරයෙන් අධ්‍යාපනය ආරම්භ වී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply