November 17, 2017

ශ්‍රී සාරානන්ද දහම් පාසල් දරුවන්ගෙන් කොළඹ අඩුආදායම්ලාභී දරුවන්ට පාසල් උපකරණ

By admin - Wed Feb 19, 3:01 am

1
මුල්ලේරියාව, ශ්‍රී සාරානන්ද දහම් පාසල් දරුවෝ කොළඹ දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් 2014 වසර සඳහා අවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙති. එම උත්සවය කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, විද්‍යාලංකාර පරිවේනාධිපති අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මුල්ලේරියාව ටිකිරි කුමාරි විද්‍යාලයේ දී පැවැත්විණ.

අසරණ සරණ ගුණය පොතපතට නොව හදවතට මුසු කරමු තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මුල්ලේරියාව ටිකිරි කුමාරි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පවුල්වල දරුවන් 350ක් වෙත පාසල් උපකරණ බෙදාදුණි.

පසුගිය වසරේදීද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර එහිදී මොණරාගල, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුතුකණ්ඩිය කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අඩුආදායම්ලාභී පවුල්වල දරුවන් 200කට පමණ පාසල් උපකරණ ලබාදීම සිදු කෙරුණේ රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදලක් වැයකරමිනි.

මුල්ලේරියාව නව නගරය, ශ්‍රී නීලමල්ලිකාරාම, ශ්‍රී සාරානන්ද දහම් පාසල් ප්‍රධානාචාර්ය පූජ්‍ය සියඹලාණ්ඩුවේ සුබෝධ හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply