November 19, 2017

ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික ප්‍රබෝධය සඳහා බෞද්ධ නොවන රටවලින්ද විශාල සහයෝගයක්

By admin - Wed Feb 19, 3:03 am

pm-pilimathslawa2014_200_134 (1)
ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික ප්‍රබෝධය සඳහා බෞද්ධ නොවන රටවල දායකයන්ගේ පවා විශාල සහයෝගයක් ලැබෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මැතිතුමා පවසයි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුමට සමඟාමීව ශ්‍රී ලංකාවේ බුදු දහමේ උන්නතිය උදෙසා රටවල් රැසක සෘජු දායකත්වය ලැබුණු බව පැවසූ අග්‍රාමාත්‍යතුමා, ඒ යටතේ ථේරවාදී බුදු දහම රටවල් කිහිපයක ව්‍යාප්ත කිරීමට පසුබිම නිර්මාණය වූ බව ප්‍රකාශ කළේය.

ඊට සමඟාමීව රටවල් කිහිපයකට බුදු දහම පරිත්‍යාග කිරීමට කටයුතු කළ බව මහනුවර, පිළිමතලාව, රණවන පුරාණ රජමහ විහාරයේ රුපියල් මිලියන 25ක වියදමින් ඉදිකළ අඩි 80ක් උසැති ලෝකයේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

Leave a Reply