November 22, 2017

අජාන් චා හිමියන්ගේ නිර්වාණ දේශනා

By admin - Sun Jan 19, 6:13 am

Ajhan Chah_Cover_29-12-2013
පරිවර්තනය – තිලක කුඩාහෙට්ටිසූරීන්
පෝල් බ්‍රෙයිටර් ඉංග‍්‍රීසි බසින් රචිත අජාන් චා හිමියන්ගේ ‘Everything is Teaching Us’නමැති කෘතිය තිලක කුඩාහෙට්ටි සූරීන් සිංහලට පරිවර්තනය කර තිබේ. ‘හැම දෙයක් ම උගන්වයි’ යන මෙය ‘නිර්වාණ දේශනා’ යනුවෙන් නූතන සරල බස් වහරින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ පූජ්‍ය අජාන් චා හිමියන් පාඨකයා අමතා ‘නිවන් මග’ පහදන්නාක් මෙනි.

තායිලන්තයේ ආරණ්‍යවාසී භික්‍ෂු පරපුරේ මෑත භාගයේ නිර්වාණාවබෝධය ලත් මහ තෙරනමක් ලෙස ප‍්‍රකට අජාන් චා හිමි හෙවත් පූජ්‍ය චා ඕ තුන් බෝධිඥාන තෙරුන්ගේ අත්දැකීම් හා ධර්ම දේශනා ඇසුරෙන් මෙම කෘතිය රචනා වී ඇත.

මහරගම නාවින්න ‘සාහිත පොත් පියසෙහි’ නවතම ප‍්‍රකාශනයක් වන මෙහි සැකයෙන් මිදීම, සැලකිලිමත් වීම, එය කළ හැකියි, හොඳ නරක දෙකම අතහැරීම, සවන් දීම, පුහුණු වීම හා ධර්ම මූලාශ‍්‍ර මෙන්ම සදහම සැමට විවෘතය ආදී මාතෘකා රැුසක් අන්තර්ගත වේ.

අජාන් බ‍්‍රහ්මවන්සෝ, අජාන් සුමේධෝ ආදී ලොව පුරා යතිවරු රැුසක් බිහි කර ඇති අජාන් චා හිමියන් මුල සිට භාවනාව හා ජීවිත සකස් කරගත යුතු අන්දම කුඩා දරුවෙකුට වුව ද අවබෝධ කර ගත හැකි අයුරින් මෙම කෘතිය හරහා බොහෝ දේ උගන්වා තිබේ.

Leave a Reply