November 19, 2017

උපසම්පදා ලැබූ බුරුමයේ හිමිනම

By admin - Thu Mar 06, 2:54 am

up
සංඝශාසනයේ ඉතා සුවිශේසී වූ පැවිදි උපසම්පදා විනයකර්මයක් පසුගියදා සිදු කෙරුනා.

ඒ දෙමටගොඩ මහ විසුද්ධාරාම විහාරස්ථානයේදී.

බුරුමයේ භික්ෂූන් වහන්සේ නමක් වූ විමල ලෙස මෙලෙස උපසම්පදා ලැබුවා.

මෙලෙස උපසම්පදා ලැබූ භික්ෂූන් වහන්සේ බුරුමයේ රැුන්ගුන් නුවර උපන් වූචූ ලෙස ගිහි කාලයේදී හදුන්වනු ලැබුවා.

සියලූ බොදු සිරිත් අනුව සිදුකරන ලද මෙම විනය කර්මය සදහා බුරුම භික්ෂූන් වහන්සේලා මෙන්ම ශී‍්‍ර ලාංකික භික්ෂූන් වහන්සේලාද සහභාගීවී සිටියා.

උතුරු ලන්ඩනයේ එඞ්මන්ටන් හී පිහිටි සමාධි භාවනා මධ්‍යස්ථානයේ විහාරවාසී ගුන්නෑපාන සුමනාරාම නාහිමිපානන්ගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සිදුකෙරුනා.

ඊට උතුරු ලන්ඩනයේ වෙම්ලි හි බඹර බොටුවාවේ අනන්ද මංගල හිමිද සහභාගීසිටීම විශේෂත්වයක්.

මෙම අවස්ථාව සදහා එංගලන්තයේ වෙසෙන විශේෂඥ වෛද්‍ය සුනිල් අතලේ මහත්මා මෙන්ම රූපා අතලේ මහත්මියද එක්ව සිටියා.

Leave a Reply