February 22, 2018

අභිනව මහා නායක කණුමුල්දෙනියේ චන්දවිමල හිමිපාණන්ට සන්නස්පත්‍ර පිළිගැන්වීම ජනපති සහභාගිත්වයෙන්

By admin - Wed Mar 12, 6:53 am

HE SANnas
ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශ්‍රි ලංකා ධර්ම දූත මහ පිරිවෙනේ අධ්‍යක්ෂ , රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය දර්ශනපති පණ්ඩිත අතිගෞර්වාර්හ කණුමුල්දෙනියේ චන්දවිමල නායක හිමිපාණන්වහන්සේ ශ්‍රි ලංකා අමරපුර මුම්මවංශාභිධජ සිරිසද්ධම්ම යුක්තික මහා නිකායේ අභිනව මහා නායක ධුරයෙන් පිදුම් ලබති. උන්වහන්සේ වෙත සන්නස්පත්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (14)සවස ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණ

ගාල්ල ජාත්‍යන්තරබෞද්ධ මධ්‍යස්ථානයේදී එතුමා පළමුව ආගමික වතාවත්වල නිරතවිය. ඉන් අනතුරුව අභිනව මහා නායක හිමිපාණන්වහන්සේ වෙත සන්නස්පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යොත්සවයට සහභාගි වූ ජනාධිපතිතුමා උන්වහන්සේට තිළිණ ප්‍රදානය කළේය.

අමරපුර නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඤානීස්සර නායක හිමිපාණන්වහන්සේ, අමරපුර මහා සංඝසභාවේ සභාපති පූජ්‍ය දොඩම්පහල චන්සිරි නායක හිමිපාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේද,ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ. අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි. දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර. වෛද්‍ය රොමේෂ් පතිරණ, මොහාන්ද සිල්වා,සජින් වාස් ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply