November 19, 2017

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මෙවර ගම්පහ දී

By admin - Sat Mar 15, 6:46 am

Oil
උදාවන සිංහල අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මෙවර ගම්පහ කොස්සින්න යටවත්ත රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය තීරණය කොට ඇත. අප්‍රියෙල් මස 16 දිනපෙරවරු 11.16 ට හිස තෙල් ගෑමේ නැකත යෙදෙයි.

පසුගිය වසරේ හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වූයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේදීය.

මෙවර පැවැත්වෙන හිස තෙල් ගෑමේ මහෝත්සවය පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා මේ අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ රටේම ජනතාවට හිසතෙල් ගෑමේ නැකැත් චාරිත්‍රයට අවශ්‍ය නානු නොමිලයේ බෙදා හැරීමට කටයුතු කරන බවයි.

රටපුරා විහාරස්ථාන දස දහසකටත්, ලියාපදිංචි දේශීය වෛද්‍යවරුන් පහළොස්දහසකටත් මෙම නානු නොමිලයේ බෙදා හැරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කරයි.

මීට අමතරව ආයුර්වේද ලිත් පන්දහසක් රට පුරා බෙදාහැරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.

ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මෙසේ නොමිලයේ බෙදා හරිනු ලබන නානු නොලැබෙන විහාරස්ථානයක් හෝ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වේ නම් ආයුර්වේද කොමසාරිස්, ආයුර්වේද දෙපාර්තමේන්තුව, නාවින්න, මහරගම යන ලිපිනයට ලිඛිතව දැනුම් දීමෙන් නානු ගෙන්වා ගැනීමට හැකි බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply