January 22, 2018

කඹුරුගල කොටකනත්ත කුසුමරුක්ඛාරාම විහාරස්ථානයේ සිව්මහල් ධාතු මන්දිරය සහ භික්ෂු නේවාසිකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

By admin - Wed Mar 19, 6:11 am

he-kaburugala-1
ඉඳුරුව පහළ ගම් හය ප්‍රදේශයේ කඹුරුගල, කොටකනත්ත කුසුමරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනව සිව්මහල් ධාතු මන්දිරය සහ භික්ෂු නේවාසිකාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) පස්වරුවේ විවෘත කෙරිණි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ප්‍රථමයෙන් ආගමික වතාවත්හි නිරතවී ආශිර්වාද ලබා ගත්තේය. පසුව විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජ්‍ය ඊපන්වත්තේ සුගතධීර හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිතුමා උන්වහන්සේට සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

Leave a Reply