November 19, 2017

බෞද්ධ භික්‌ෂූන් රියෑදුරු බලපත් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් තුනම අහක!

By admin - Tue Apr 01, 3:25 am

3755188426_no_cars_sign_answer_4_xlarge
රියදුරු බලපත්‍ර ඉල්ලා බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා තෙනමක්‌ ඉදිරිපත් කළ අයෑදුම්පත් ප්‍රතික්‍ෂේප කිරීමට රථ වාහන කොමසාරිස්‌වරයා ගත් තීරණය අවලංගු කරන ලෙසත් රියෑදුරු බලපත්‍ර නිකුත් කිරීමට ඔහුට නියෝග කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් අභියාචනාධිකරණය ඊයේ (31 දා) ගාස්‌තු රහිතව ප්‍රතික්‍ෂේප කළේය.

අනිල් ගුණරත්න මහතා සහ දීපාලි විෙ-සුන්දර මහත්මිය හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණ.

බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට රියෑදුරු බලපත්‍ර නිකුත් කිරීම රටේ බෞද්ධ පැවතුම්වලට, ජන ජීවිතයට සහ බෞද්ධ සංස්‌කෘතියට හානිදායක වන බැවින් පෙත්සම්කාර හිමිවරුන් තිදෙනා පෙත්සම්වලින් කළ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කිරීමට ඒකමතිකව තීරණය කළ බව විනිසුරු මඬුල්ල ඊයේ ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් කර ඇත.

බුද්ධ ශාසනය ආරක්‍ෂාකොට පෝෂණය කරන බව ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දෙවැනි සහ 9 වැනි වගන්තිවල සහතික කර ඇති බැවින් එම කාර්යය නිසියාකාරව සපුරාලීමට රජයේම එක්‌ හස්‌තයක්‌ වන අධිකරණය බැඳී සිටින බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

පිටු 31 කින් යුත් සම්පූර්ණ නඩු තීන්දුව විනිසුරු මඬුල්ල වෙනුවෙන් ලියා ඊයේ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ විනිසුරු මඬුල්ලේ සභාපති වූ අනිල් ගුණරත්න මහතා විසිනි.

වස්‌කඩුව කුඩා ශ්‍රී ශාක්‍යමුනි විහාරාධිපති ආචාර්ය පරගොඩ විමලවංශ හිමි, මාලබේ ශ්‍රී සුසිලාරාමවාසී බෝධාගම සීලවිමල හිමි හෝකන්දර දකුණ ගනේවත්ත විහාරයේ දියගම සෝමරතන හිමි මෙහි පෙත්සම්කරුවෝ වෙති.

මෝටර් රථ වාහන කොමසාරිස්‌ වූ බී. විෙ-රත්න, බී. ඩී. එල්. ධර්මප්‍රිය එස්‌. එච්. හරිස්‌චන්ද්‍ර, නියෝජ්‍ය කොමසාරිස්‌ ඩී. එස්‌. බී. සේනාරත්න, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ යන අයට එරෙහිව පෙත්සම් ගොනු කර තිබිණි.

අධිනීතිඥ සාලිය පීරිස්‌ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතා 5 වෙනි වගඋත්තරකාර බෞද්ධ කටයුතු කොමසාරිස්‌ වෙනුවෙන් ද, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් වන ජනක්‌ ද සිල්වා, මිලින්ද ගුණතිලක යන මහත්වරු 1 වෙනි වගඋත්තරකාර මෝටර් රථවාහන කොමසාරිස්‌වරයා වෙනුවෙන් පෙනී සිටියහ.

Leave a Reply