February 22, 2018

වීඩියෝ සහිතයි – ආගමික සිද්ධීන් විමර්ශනයට සඳුදා සිට විශේෂ පොලිස් ඒකකයක්.

By admin - Thu Apr 24, 12:32 pm

Untitled-1
ආගමික කාරණා සම්බන්ධයෙන් මතුවන අර්බුද හමුවේ ඊට මුහුණදීම සඳහා විශේෂිත පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. නව පොලිස් ඒකකය මගින් ගැටුම් අවස්ථාවලදී ඒවා විසඳීමට මැදිහත් වනු ඇති.

එමෙන්ම කිසියම් ආගමකට නිගාවන අයුරින් සිදුවන කි‍්‍රයාකාරකම් නීතිය හමුවට ගෙන ඒම නව පොලිස් ඒකකයේ වගකීමක් වනවා.

නව පොලිස් ඒකකය ස්ථාපිත කිරීමට අදාළ උපදෙස් තමා පොලිසියට ලබාදුන් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. ඒ, අද උදෑසන පුවත්පත් කතුවරු හා විද්‍යුත් මාධ්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් මුණගැසුණු අවස්ථාවේදීයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතාද මේ සමබන්ධයෙන් අදහස් පලකලා.

Leave a Reply