November 22, 2017

ශ්‍රිලන්කන් ගුවන් සේවය දඹදිව වන්දනා සඳහා නව මාර්ගයක් හදුන්වාදෙයි

By admin - Wed Aug 21, 11:25 am

ශ්‍රීලන්කන්  ගුවන් සේවය විසින් ශ්‍රී ලාංකීය බොදු සැදැහැවතුන්ගේ  දඹදිව වන්දනා ගමන්  සඳහා “බැංගලෝරය” එහි නවතම දඔදිව ගමන් මාර්ගය  වශයෙන්  පසුගියදා  හදුන්වාදෙන ලදී .  එම තීරණය ගෙන ඇත්තේ මහා සංඝරත්නය සහ දඔදිව වන්දනාවේ යන පිරිස් සමඟ කොළඔ දී පැවැත්වූ  හමුවේ දී ශ්‍රී ලාංකීය වන්දනාකරුවන්ගේ ආරක්ෂාව හා පොදු අවශ්‍යතා වෙනුවෙන් කළ විශේෂ ඉල්ලීම  සැළකිල්ලට ගනිමිනි.

නව ගමනාන්තය හදුන්වා දීම සඳහා වූ  එම සමුළුවේ දී  අදහස් දැක්වූ  ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ විකුණුම් කළමණාකාර ජයන්ත අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ  දඹදිව වන්දනාවේ යන සියලුදෙනාටම ඉතා ආරක්ෂාකාරි ලෙස සහනදායී මිලකට වන්දනා  චාරිකාවේ යෑමට මෙමගින් අවස්ථාව සැලසෙන බවයි .

මෙම ජාතික කර්තව්‍යය වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් ‍සමාගම හා දඔදිව චාරිකා සංවිධායකවරු කිහිපදෙනෙක්  බැංගලෝරයේ  ගවේෂණ චාරිකා කිහිපයක නිරත වූහ. එම සංවිධායකවරුන් සමඟ  සිදු කළ සාකච්ඡා  වල  ප්‍රතිඵලයක් ‍ලෙස  බැංගලෝරයේ සිට වරණාසි, නාග්පූර්, සාන්චි , මයිසෝර්  සහ හයිද්‍රබාද් යනාදී චාරිකා සඳහා   කරදරයකින් තොරව ගමන් කිරීමේ පහසුව ඇති බවට විශ්වාස කළ හැකි බවටත් ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

වාර්ෂිකව දඹදිව වන්දනා සඳහා සහභාගී වන  30 000 ක් පමණ ශ්‍රී ලාංකීය බොදු සැදැහැවතුන්ට  මෙමගින් ඉතා පහසුවෙන් හා අවම වියදමකින් යෑමට පහසුකම් සලසා දේ.

බැංගලෝරය  කර්ණාටක ප්‍රාන්තයේ  ඉතා මනරම් සුවදායි නගරයකි. එය නවාතැන් පහසුකම්, සාප්පු සංකිර්ණ  හා ප්‍රවාහන  පහසුකම් ඇතුළු යටිතල පහසුකම් වලින් ද පෝෂිත  නගරයකි. එසේම බැංගලෝරයේ සිට නව දිල්ලිය බලා දිනකට පිටත් වන දුම්රිය ගමන් වාර ගණන 3 ටත් වඩා වැඩිය. මේ සියල්ලම සැළකිල්ලට ගනිමින්  බැංගලෝරය දක්වා සතියකට ගුවන් ගමන් වාර 7 සිට 10 දක්වා වැඩි කිරීමට  ශ්‍රීලන්කන් ගුවන් සමාගම දැනටමත් කටයුතු යොදා  ඇත.  ඉතාමත්ම අවම හදුන්වාදීමේ ගාස්තු සමගින් ශ්‍රී ලාංකීය වන්දනාකරුවන්ට මෙම නවතම  ශ්‍රීලන්කන් ප්‍රජා සත්කාරය දැන් අත්විදිය හැක.723642622budda-gaya2

Leave a Reply