November 17, 2017

වීඩියෝ සහිතයි – සරල සිංහල භාෂාවට පරිවර්තනය කළ සංෂිප්ත ති‍්‍රපිටක ග‍්‍රන්ථ ජනපතිට

By admin - Fri Apr 25, 8:51 am

22සරල සිංහල භාෂාවට පරිවර්තනය කළ සංෂිප්ත ති‍්‍රපිටක ග‍්‍රන්ථ දෙකක් සහ ටීකා ග‍්‍රන්ථයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ පිළිගන්වනු ලැබුවා.

ඒ ති‍්‍රපිටක ග‍්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින්.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක වන ති‍්‍රපිටක ග‍්‍රන්ථ සිංහලයට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාලි මූලාශ‍්‍ර පොත් 54 ක් සරල සිංහල සංෂිප්ත ග‍්‍රන්ථ 49 ක් ලෙස සකස් කිරීම සිදුවනවා.

දැනට එයින් ග‍්‍රන්ථ 27 ක් මුද්‍රණය කර අවසන්. ඉදිරියේදී ජනතාව වෙත මෙම සිංහල ති‍්‍රපිටක ග‍්‍රන්ථ පහසු මිලකට ලබා දීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

Leave a Reply