November 22, 2017

ශ්‍රී ලංකාව හා ඉන්දියාව රාමායණ යාත්‍රාව හරහා එක්වෙයි

By admin - Tue Apr 29, 8:57 am

ramaa
ඉන්දිය දුම්රිය පහසුකම් සැපයීමේ සහ සංචාරක මණ්ඩලය එක්ව අයෝධ්‍යා සිටශ‍්‍රී ලංකාවේ නුවරඑළිය යා වන අයුරින් නව සංචාරක මාර්ගයක් හඳුන්වා දී ඇත.

ඉන්දීය රාම දෙවියන්ගේ ඉතිහාසගත කතා පුවත සිහිගන්වමින් මෙම සංචාරක මාර්ගය හඳුන්වා දී ඇතැයි ද හින්දු පුවත් පත වාර්තා කරයි.

ඒ අනුව ඉන්දිය දුම්රිය පහසුකම් සැපයීමේ හා සංචාරක මණ්ඩලය එක්ව ශ්‍රී ලංකාවේ නුවරඑළිය හා ඉන්දියාවේ ආයෝධ්‍ය ප්‍රදේශය යාවන අයුරින් නව සංචාරයක මාර්ගයක් හඳුන්වා දී තිබේ.

මෙම සංචාරක මාර්ගය දුම්රියෙන් හා ගුවන් යානයෙන් ගමන් කළහැකිවන අයුරින් නිර්මාණය කර ඇත.

‘රාමායණ යාත්‍රාව’ ලෙස මෙම සංචාරක ගමනාන්තය හැඳින්වෙන අතර එය කිලෝමීටර් 2200ක දුරකින් යුක්ත වෙයි.

මෙම සංචාරක ගමනාන්තය අනුව දුම්රියේ ගමන දින 11කින්ද, ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි පසු ශ්‍රී ලංකාවේ දින 05ක්ද වන අයුරින් මෙය නිර්මාණය කර තිබේ.

මෙම නව සංචාරක මාර්ග සැලැස්ම ආරම්භ ලබන මැයි මස 11 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

Leave a Reply