November 22, 2017

ලන්ඩන් බෞද්ධ විහාරයට ආධාර සදහා පැවැත්වූ ආහාර සල්පිලට මහ සෙනගක්

By admin - Mon May 05, 3:14 am

1
ලන්ඩන් බෞද්ධ විහාරයේ වැඩකටයුතු සඳහා ආධාර ලබාගැනීමේ අරමුණෙන් පසුගිය දින පවත්වන ලද ආහාර සල්පිල සඳහා බලාපොරොත්තු නොවූ අන්දමේ සෙනඟක් සසභාගී වී ඇත.

විහාරස්ථ දායක කාරකාදීන්ගේ සංවිධායකත්වයෙන් පවත්වන ලද එම ආහාර සල්පිලේදී නිර්මාංශ සැබෑ ශ්‍රී ලාංකික ආහාර ඉතාම අඩු මිලකට සපයනු ලැබීය.
මෙම ආහාර සියල්ලම ස්වෙච්ඡාවෙන් පිළියෙළ කර ඇත්තේ දායක දායිකාවන් විසින් ඔවුනගේ නිවෙස් වලදී වීම හේතුවෙන් සබැ ශ්‍රී ලාංකික ආහාර වේලක රසය එමඟින් ලබාදීමටද හැකිවී තිබුණි.

ආහාර සල්පිල සඳහා වැඩිවශයෙන්ම පැමිණියේ ඉංග්‍රීසි ජාතිකයින් වීමද විශේෂත්වයකි.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මිතුරු හමුවේ සභාපති හිටපු බ්‍රිතාන්‍ය තානාපති නිලධාරී ශ්‍රීමත් පීටර් හීප් සහ එම මැතිනියද ඒ අතර වුහ.

ආහාර සල්පිල එතරම් සාර්ථකව පැවැත්වීම සඳහා වෙහෙස මහන්සිවී කටයුතු කල සහ අවශ්‍ය සියලුම දේ ස්වේච්චාවෙන් සපයාදුන් දායක කාරකාදින්හට මෙන්ම සල්පිල සඳහා සහභාගීවූ සියලුම දෙනාහටද පුජ්‍ය සීලවිමල නාහිමියන් පුණ්‍යානුමෝදනා කළහ.
P1450072

P1450086

P1450087

P1450093

P1450094

P1450100

P1450101

P1450113

Leave a Reply