November 17, 2017

චමල් රාජපක්‍ෂ පදනමෙන් ත්‍රීරෝද රථ පරිත්‍යාගයක්

By admin - Mon May 05, 3:44 am

0afa57c41887ce47355dc00226c6156f_XL (1)
සූරියවැව, ඉහළ කුඹුක්කන් වැව රජමහා විහාරාධිපති ඇත්ගාලමුල්ලේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත කතානායක චමල් රජපක්‍ෂ මහතා විසින් පසුගියදා නව ත්‍රීරෝද රථයක් ප්‍රදානය කරන ලදී.

සූරියවැව ප්‍රදේශයේ දුෂ්කර විහාරස්ථානයක් වූ මෙම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේට වයස 92ක් වන අතර ගමන් පහසුවක් නොමැතිව අත්විඳි බොහෝ දුක් ගැහැට මෙම ප්‍රදානයත් සමඟින් නිමා විය.

ඇත්ගාලමුල්ලේ විමලානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව චමල් රාජපක්‍ෂ සංවර්ධන පදනමේ ප්‍රතිපාදන මඟින් නව ත්‍රීරෝද රථය ලබාදීමට කටයුතු කරන ලදී.

ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඒ. වීරරත්න මහතා, හම්බන්තොට චීන වරායේ ඉංජිනේරුවරුන්, සූරියැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සරවව_ඉහළ_කඹකකනවව_ඇතගලමලල_වමලනනද_හමට_3_වල_පරධනය_කරම_2014_මරත_10

Leave a Reply