November 22, 2017

වීඩියෝ සහිතයි – ධර්මරක්ෂිත මහානිකායේ මහානායක පදවිය තිරිකුණාමලේ ආනන්ද ස්වාමීන් වහන්සේට

By admin - Mon May 05, 4:30 am

trinco
කොළඹ, බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති, පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද හිමියන්, අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක ධුරයෙන් පිදුම් ලැබුවා.

එම ධුරය පිළිබද අක්තපත‍්‍ර ප‍්‍රදානය කිරීමේ පුණ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ බම්බලපිටිය – සිරි වජිරඥාන ධර්මායතනයේ දී පැවැත්වුණා.

මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්යන් වහන්සේ නමක් ලෙස කැප වීමෙන් කටයුතු කළ උන්වහන්සේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිංහ මහනායක හිමියන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ අනුනායක ධුරයට පත්වුණා.

Leave a Reply