November 22, 2017

ගාල්ලේ කරාපිටිය පිළිකා රෝහලට ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයෙන් අනුග්‍රහයක්

By admin - Tue May 06, 6:31 am

2
තිස්ස මඩවල – ලන්ඩනයේ සිට
ස්විට්සර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මකවන මාවනානේ ශ්‍රී පේමානන්ද පදනම මගින් ගාල්ලේ කරාපිටිය පිළිකා රෝහලට රෝද පුටු දෙකක් හා ලෙඩුන් ප්‍රවාහනය කරන ට්‍රොලි දෙකක් ද, හිනිදුම මහ රෝහලට රෝද පුටු දෙකක් ද නෙබුලයිසර් යන්ත්‍රයක් ද පරිත්‍යාග කරවණු ලැබිණ.

මේ සඳහා රුපියල් 80.000 ක ප්‍රතිපාදන සපයන ලද්දේ ජිනීවා විහාරයේ දායිකා වියෙට්නාම් ජාතික කිම් ත්‍රොන්ග් මැතිනිය විසිනි.

මාවනානේ ශ්‍රී පේමානන්ද පදනමේ සභාපති හා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායකපූජ්‍යපාද හබරකඩ ඉන්ද්‍රරතන නාහිමි, ගාළු මාතර හම්බන්තොට පළාත් හි අධිකරණ සංඝ නායක පූජ්‍ය හබරකඩ සොරත නාහිමි, අනුරාධපුර ලෝලුගස්වැවමාවනානේ ශ්‍රී පේමානන්ද අනුස්මරණ විවේක ආයතයතනාධිපති පූජ්‍ය එප්පල සෝරත හිමි හා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්තානාධිපති ආචාර්ය තවලම ධම්මික නාහිමිද, ගාල්ලේ කරාපිටිය රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සිරිතුංග මහතා හා ප්‍රධාන හෙදි නිලධාරිනියන් ද සේවක පිරිසක් ද,හිනිදුම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යචාරීනී පියුමිකා මහත්මිය, වෛද්‍ය තුෂාර, ජානක නිරිඇල්ල මහත්වරු හා හෙද හෙදි නිලධාරී මහත්ම මහත්මීන් ද සේවක පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීවූහ.
1

3

Wchair 2 001

Leave a Reply