November 19, 2017

ශ්‍රීපාදස්ථානය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කෙරේ

By admin - Thu May 08, 4:44 am

HE SRipada 2_copy
ශ්‍රී පාදස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

නුවරඑළිය, රත්නපුරය හා කෑගල්ල දිස්ත්‍රික්කවලට මායිම් වී ඇති මෙහි පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබන්නේ අක්කර 99 රූඩ් 3 පර්චස් 4 ක් වූ බිම් ප්‍රමාණයකි.

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබන්නේ 1940 ඔක්තෝබර් 25 දරන 8675 දරන ගැසට් පත්‍රයට අනුවය. එයට අමතරව නල්ලතන්නිය හා ඉඳිකටුපාන අතර මීටර් 30 ක තීරුවකින් යුතුව මාර්ගය සකස් කිරීමට ද නියමිතය.

Leave a Reply