November 17, 2017

අගමැතිතුමා එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල අමතයි

By admin - Fri May 09, 8:42 am

PM_Vietnam1
බෞද්ධ දර්ශනය ලෝකයේම පිළිගැනීමට ලක්වෙමින් පවතින මෙම සමයේ මිනිස් ආවේගශීලී හැගීම් පාලනය කිරීම සඳහා බුදු දහමේ ඉගැන්වීම් උපයෝගී කර ගත යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

ලෝකයේ ඇතැම් රටවල් දුරාචාරයට යොමු වන්නේ සමාජයේ පවතින වැරදි නිසා බවත් ඔවුන් නිසි මගට ගෙන ඒමේ වගකීම සමස්ත ලෝකයාටම පැවරෙන්නක් යැයි ද අග්‍රාමාත්‍යතුමා කීවේය.

බෞද්ධයන් වන අප අන් අයට සෑම විටම කරුණාව, මෛත්‍රිය, දයාව දක්වන පිරිසක් විය යුතු අතර ඒ මානුෂීය ගුණාංගයන්ගෙන් ඉවත් වන පුද්ගලයා මෙන්ම සමාජය ද පරිහානියට පත් වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලේ විශේෂ දේශනයක් කරමින් අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ 11වන වෙසක් දින සැමරුම් උළෙල වියට්නාමයේ, නින්හ් බින්හ් ප්‍රාන්තයේ බායි ඩින්හ් (Bai Dinh) විහාරස්ථානයේදී ආරම්භ වූ අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍යතුමා විශේෂ දේශනයක් සිදු කළේය.

වියට්නාම ජාතික බෞද්ධ සංඝසභාවේ මෙහෙවීමෙන් රටවල් අනූවක මහා සංඝරත්නය එක්දහස් පන්සියයක් හා දසදහසකට අධික බෞද්ධ සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම සැමරුම් උළෙල 11 වන දින දක්වා එම විහාරයේදී පැවැත්වේ.
2f2766fb7d5da7e6231d9ac592175eb3_XL

Leave a Reply