November 22, 2017

කොළඹ මෙවර වෙසක් කලාප 6ක්

By admin - Mon May 12, 5:07 am

59411
සම්බුදු තෙමඟුල සමරා කොළඹ නගරය ආශ්‍රිතව වෙසක් කලාප 6ක් සහ වෙසක් තොරණ 12කට අධික ප්‍රමාණයක් මෙවර ප්‍රදර්ශනය කෙරේ.

ඩී.ආර්. විජේවර්ධන මාවත අමාදහර, ගංඟාරාමය ආශ්‍රිත බුද්ධ රශ්මි, වෝඩ් පෙදෙස වෙසක් කලාපය, පැලවත්ත බත්තරමුල්ල දියවන්නා‍ වෙසක් කලාපය, බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක වෙසක් කලාපය ආදී වශයෙන් වෙසක් කලාප රැසක් සංවිධානය කර තිබේ.

වෙසක් තොරණ 12කට අධික ප්‍රමාණයක් කොළඹ නගරය හා ඒ අවට ප්‍රදර්ශනය කෙරෙන අතර තොටළඟ, පෑලියගොඩ, දෙමටගොඩ,කොස්ගස් හන්දිය,කොළඹ බැස්ටියන් මාවත, ගොතටුව එයින් ප්‍රධාන තැනක් ගෙන ඇත.

මහරගම, නුගේගොඩ, කොට්ටාව, හෝමාගම, මාළඹේ, කිරිබත්ගොඩ ප්‍රදේශයන්හිද තොරණ ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබේ. මීට අමතරව කොළඹ නගරය සහ ඒ ආශ්‍රිතව බත් හා සිසිල් පැන් දන්සල් 500ට අධික ප්‍රමාණයක් කොළඹ නගර සභාවේ ලියාපදිංචි වී ඇත. වෙසන් පුන් පොහොය නිමිත්තෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් වෙහෙර විහාරස්ථාන රැසක ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Leave a Reply