November 17, 2017

රාජ්‍ය වෙසක් උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

By admin - Fri May 16, 9:04 am

09b87d8495c8cf32b64735c816312dfe_XL
රාජ්‍ය වෙසක් උත්සවය අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පොලොන්නරුව, පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැත්විණි.

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිත නා හිමිපාණන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී අනුශාසනා පවත්වන ලදී.

වෙසක් උත්සවයට සමගාමීව “බුදුපුත් මාපිය උපහාර නිවාස ව්‍යාපෘතිය” යටතේ ඉදිකළ නිවාස 08ක යතුරු ප්‍රතිලාභී හිමිවරුන්ගේ දෙමාපියන් වෙත භාරදීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු විය. මේ එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වේ.

තවද දිස්ත්‍රික් සිසු නිපුණතා වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනූ සිසු සිසුවියන් 40 දෙනෙකුට රුපියල් 10,000 බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීටද මේ අවස්ථාවේ කටයුතු කෙරිණි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කර තිබුණි.

මේ අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කර සිටි අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a Reply