November 17, 2017

අතේ බුදුරුවේ පච්චය තිබූ බ්‍රිතාන්‍ය කත කෝටියක්‌ වන්දි ඉල්ලයි

By admin - Fri May 23, 6:50 am

pach200
බුදුරජාණන් වහන්සේගේ රූපය මනාව ප්‍රදර්ශනය වන ආකාරයට අතේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපොළේදී
අත්අඩංගුවට පත්වූ නයෝමා කොලිමාන් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව දින දෙකක්‌ රඳවාගෙන සිටීම නිසා ඇයට මුහුණපාන්නට සිදුවූ අමානුෂික හිරිහැරයට හා මානසික පීඩාවට වගකිව යුතු පොලිස්‌ හා බන්ධනාගාර නිලධාරියාගෙන් රුපියල් කෝටියක වන්දියක්‌ ඉල්ලා නීතිඥයෙකු මගින් අදාළ කාන්තාව (22 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළාය.

නීතිපති, කටුනායක පොලිසියේ පොලිස්‌ සැරයන් උපසේන, පොලිස්‌ පරීක්‍ෂක සුරවීර, මීගමුව බන්ධනාගාරය භාර ප්‍රධාන නිලධාරි, පොලිස්‌පති සහ ආගමන හා විගමන පාලක චූලානන්ද සිල්වා යන අය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් මහතා මගින් පෙත්සම ගොනු කර තිබිණි.

Leave a Reply