November 19, 2017

අනුරාධපුර නගර අලංකරණය පොසොන් පොහොයට පෙර

By admin - Fri May 23, 10:17 am

DS_roundabout_anuradhapura_
අනුරාධපුර නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ නගර වටරවුම් සකස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

එහි පළමු පියවර ලෙස අනුරාධපුර පොලිසිය අසල ඩී.එස්. සේනානායක වටරවුම සංවර්ධනය කිරීමේ කටයුතු උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අතින් ඇරඹිණි.

මෙම වැඩසටහන ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට අපේක්ෂිතය.

අනුරාධපුර නගරයේ සියලු ම වටරවුම් එකම ආකාරයකට සකස් කිරීම මෙහි අරමුණ වී ඇත.

නගර අලංකරණය සඳහා මධ්‍යම රජය, උතුරු මැද පළාත් සභාව, අනුරාධපුර මහ නගර සභාව හා ව්‍යාපාරික ප‍්‍රජාවද එක්ව සිටිති.

Leave a Reply