January 22, 2018

සමාජ සේවා අමාත්‍යංශයට රෝද පුටු 100ක් හා කිහිළිකරු 50ක් ප්‍රදානය කෙරේ

By admin - Tue May 27, 3:56 am

DSC09705
මැ‍ලේසියාවේ පිනැන්හි ශ්‍රී මහින්දරාමයට අනුබද්ධ කටාන පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පේමරතන අනුස්මරණ පුස්තකාලය විවෘත කිරීම හා අසරණ රෝගීන්ට දීම සඳහා සමාජ සේවා අමාත්‍යංශයට රෝද පුටු 100ක් හා කිහිළිකරු 50ක් ප්‍රදානය කිරීමේ උළෙල උත්සවාකාරයෙන් පැවැත්විණ.

පිනෑන් මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී සමාජ සේවා ඇමැති ෆිලික්ස් පෙරේරා මහතා වෙත රෝද පුටු සංකේතුවක් ලෙස ප්‍රදානය කෙරිණ.
එහිදී ඇමැතිවරයා අතින් පුස්තකාලයද විවෘත කෙරිණ. පටිපදා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති ගතාරේ ඤණාලංකාර හිමියන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

Leave a Reply