November 22, 2017

බෙල්ලන්විල පෙරහැරට පාරවල් වැසෙන අකාරය

By admin - Thu Aug 29, 8:47 am

බෙල්ලන්විල විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහ පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන් අද (29) සිට ලබන සැප්තැම්බර් මස (01) පළමු වැනිදා දක්වා රාත්‍රී කාලයේ මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.

පෙරහැර මංගල්‍යයයේ පාවඩ පෙරහැර අද දිනයේ වීදි සංචාරය කෙරෙන අතර රාත්‍රී 9.30 සිට රාත්‍රී 12.00 දක්වා කාලය තුළ මහරගම – දෙහිවල 119 බස් මාර්ගය, බොරලැස්ගමුව නගරය සහ බෙල්ලන්තර මංසන්ධිය වසා තැබීමට නියමිතය.

මේ හේතුවෙන් මහරගම, පිළියන්දල, කොළඹ සිට දෙහිවල දෙසට ගමන් ගන්නා වාහන පැපිලියාන මංසන්දියට ගමන් කර වමට හැරී නැදිමාල ඔස්සේ ගමන් කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.

රත්මලාන – දෙහිවල සිට පැමිණෙන වාහන පැපිලියාන හරහා ගමන් කර කොළඹ හා බොරලැස්ගමුව දෙසට ගමන් කළ හැකිය.

හෙට රාත්‍රියේ රන් සිවිලි පෙරහැර වීදි සංචාරය කෙරෙන අතර රාත්‍රී 9.00 සිට පසු දින අලුයම 1.00 දක්වා බොරලැස්ගමුව මංසන්දිය විදුලි සංඥා කුළුණ අසල පැපිලියාන විහාර මාවත හංදිය වසා තැබෙන බව පොලීසිය පවසයි.

31 වන දින බෙල්ලන්විල ඇසල මංගල්‍යයයේ රන්දෝලි මහ පෙරහැර වීදි සංචාරය කෙරෙන අතර රාත්‍රී 9.00 සිට පසුදින අලුයම 2.00 දක්වා බොරලැස්ගමුව මංසන්දිය, අත්තිඩිය පාලම, නැදිමාල බෝගස අසල, පැපිලියාන හංදිය මාර්ගය වසා තැබීමට නියමිත බව පොලීසිය දැනුම් දෙයි.

Bellanwila_Temple

Leave a Reply