November 17, 2017

මිහින්තලා රජමහා විහාරස්ථානයේ නව දෙමහල් බුද්ධ මන්දිරය සඳහා මුල් ගල තැබේ

By admin - Mon Jun 02, 7:16 am

10341458_10152430658079030_4937507981799474619_n
මිහින්තලා රජමහා විහාරස්ථානයේ අලුතින් ඉදි කෙරෙණ දෙමහල් බුද්ධ මන්දිරය සඳහා මුල් ගල තැබීම ඊයේ (01)පෙරවරුවේ සුබ මොහොතින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති මේ අවස්ථාවට, ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත, ඒස්.එම් චන්ද්‍රසේන, උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම් රංජිත් සමරකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, පළාත් සෞඛ්‍ය ඇමැති එච්.බී. සේමසිංහ යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ ඇතුළු නිලධාරින් රැසක් ඒ සඳහා එක්ව සිටියහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මිහින්තලා විහාරස්ථාන ඉහළ මළුවේ මෙය ඉදි කෙරේ.

Leave a Reply