December 17, 2017

බුදුදහම සුරැකීමේ වගකීම ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරනවා

By admin - Tue Jun 03, 9:32 am

07cbcbc15bbac8ff3bc0e31fcd9bd3e0_XL (1)
බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටු කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතීන් පහක ආගම් හතරක් අදහන ජන පිරිස බොහෝ කාලයක සිට සුහදව ජීවත් වන අතර, ලොව කිසිදු රටක මෙවැනි සහජීවනයක් දක්නට නොලැබෙන බවත් බොහෝ රටවල් ආගම් ජාති හා භාෂා වශයෙන් අර්බුදයන්ට ලක්ව පවතින බවත් අග්‍රාමාත්‍යතුමා කීවේය.

එවැනි තත්ත්වයක් යටත් ශ්‍රී ලංකාවේ සියලු දෙනා සාමයෙන් යුතුව ජීවත් වන බවත් ඒ තත්ත්වය තව දුරටත් ආරක්ෂා කිරීම සඳහා අප රජය නිරතුරුවම ඉදිරිපත් වන බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය.

අරංතලා මහා භික්ෂු සංහාරයට වසර 27ක් පිරීම නිමිත්තෙන් අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ (02) පැවැති අනුස්මරණ උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා මේ බව කියා සිටියේය.

කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වර්ෂ 1987 ජූනි 02 වැනි දින උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද හෑගොඩ ඉන්දසාර හිමිපාණන් වහන්සේ ප්‍රධාන තිස්එක්නමක් අපවත් වූ අතර, ඒ කුරිරු සංහාරය අනුස්මරණය කරමින් මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් මෙම උත්සවය පැවැත්විණි.

Leave a Reply