November 19, 2017

සිසිල් බීම දන්සැල් සඳහා උණු කරන ලද සහ නිසි පරිදි ක්ලෝරීන් කරණය කරන ලද ජලය භාවිතා කරන්න

By admin - Wed Jun 04, 7:19 am

1989b63796ddb198c6c6f884b17b0892_XL
පොසොන් සමය තුළදී හැකිනම් සිසිල් බීම් දන්සැල් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා

ඔවුන් පෙන්වා දෙන්නේ සිසිල් බීම දන්සැල් පවත්වන්නේ නම් ඒ සඳහා උණු කරන ලද සහ නිසි පරිදි ක්ලෝරීන් කරණය කරන ලද ජලය අනිවාර්යයෙන් භාවිතා කරන ලෙසයි

ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම් සී.එස්.මුතුකුඩ මහතා සඳහන් කලේ මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බෝවන රෝග පැතිරයාමේ ප‍්‍රවණතාවයක් ඇති බවයි

එමෙන්ම පොසොන් සමයේ පැවැත්වීමට සුදානම් කර ඇති සියලූම දන්සැල් ඒ ඒ පළාත් වල පිහිටි නගර සභා වල හෝ ප‍්‍රාදේශීය සභා වල ලියාපදිංචි කරන ලෙස ඉල්ලීමක් කරන බවද සී.එස්. මුතුකුඩ මහතා කියා සිටියා

හෙතෙම වැඩිදුරටත් සඳහන්කළේ පළාත් පාලන ආයතන වල ලියාපදිංචි කරන සියලූම දන්සැල් වල ආහාර සඳහා ලබා ගන්නා දෑ සහ ජලය පූර්ව පරීක්ෂාවකට ලක් කරන බවයි

කෙසේවෙතත් පසුගිය වෙසක් සමයේ දිවයින පුරා දන්සැල් 4648 ක් පවත්වන බවට සංවිධායකයින් විසින් පළාත් පාලන ආයතන වලට දන්වා ලියාපදිංචි වී සිටියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සැල් 7181 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා

ඉන් දන්සැල් 04 ක් අත්හිටුවීමටද, දන්සැල් 148 ක් අඩු පාඩු සකස් කිරීමෙන් පසුව පවත්වා ගෙන යාමට අවසර ලබා දීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුනා

Leave a Reply