November 22, 2017

පොසොන් සතියේ අනුරාධපුර සුරාසල් වැසේ

By admin - Thu Jun 05, 4:01 am

bf0a58b987aa7318ac88de52f64c5fa6_XL
එළ‍‍‍ඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසල් මේ මස 09 දින සිට 15 වැනි දින දක්වා සතියක් වසා තැබීමට සුරාබදු දෙපාර්තුමේන්තුව ‍තීරණය කොට ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ පොසොන් උත්සවයට අනුරාධපුරය වැදපුදා ගැණීමට පැමිණෙන විසි ලක්ෂයක පමණ බැතිමතුන් ගේ පහසුව සඳහා බව අනුරාධපුර සහකාර සුරාබදු කොමසාරිස් රෝයි ප්‍රනාන්දු මහතා පවසයි.

දිවා රාත්‍රී නොබලා සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බැවින් බලපත්‍රලාභීන් බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කලහොත් බලපත්‍රය අත්හිටවීමට හෝ දැඩි දඬුවම් පමුණුවනු ඇතැයිද රෝයි මහතා පවසයි.

සුරාසැල්වලට අමතරව නීති විරෝධී මත්පැන් ,මත්කුඩු ජාවාරම්කරුවන් අනුරාධපුර නගරයේ බැතිමතුනට හිරිහැර වන අයුරින් හැසිරෙන බැවින් ඔවුන් වැටලීම සඳහා විශේෂ සුරාබදු කණ්ඩායම් යොදවා ඇතැයිද සුරාබදු අධිකාරී කේ.එම්.යු සෝමවීර මහතා පවසයි.

Leave a Reply