November 19, 2017

මිහින්තලා යන බැතිමතුනගේ පහසුවට විශේෂ දුම්රිය සහ බස්

By admin - Mon Jun 09, 4:12 am

SriLanka-colombo-train
පොසොන් මංගල්‍ය නිමිත්තෙන් ඓතිහාසික මිහින්තලා පුද බිම වැඳ පුදා ගැනීමට යන බැතිමතුන්ගේ පහසුව සඳහා හෙට 10දා සිට 14දා දක්වා විශේෂ දුම්රිය සහ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ යටතේ සාමාන්‍ය ධාවනයට අමතතරව විශේෂ බස් රථ 1000ක් සහ දුම්රිය 23ක් ධාවනයට එක් කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය අනාවණය කළේය.

හෙට(10) මධ්‍යනය 12.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය බලා ධාවනය වන විශේෂ දුම්රියෙන් මිහින්තලා සේවාව අරඹන බව දුම්රිය සාමන්‍ය අධිකාරි බී. ඒ. ඩි ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.

අනිද්දා(11)දා අළුයම 3.45, ට උදේ9.00ට උදේ 11.00ට 12.00ට සවස6.00ට 7.30ට රාත්‍රි11.15ට විශේෂ දුම්රිය හතක් කොළඹ කොටුවෙන් අනුරාධපුරය බලා ගමන් අරඹන බවත්උදේ 6.25ට අනුරාධපුරයෙන් කොළඹ කොටුව බලා විශේෂ දුම්රියක් ධාවනය වන බවත් හෙතෙම පැවසීය.

එසේම 11දා සවස 2.45ට අවිස්සාවේල්ලෙන් කොළඹ කොටුව දක්වා ගමන් ගන්නා දුම්රිය සවස 6.00ටකොටුවෙන් අනුරාධපුරය බලා නික්ම යන බව කීවේය.

12දා පාන්දර 3.45ට සහ පාන්දර 9.00ට කොළඹ කොටුවෙන්ද පාන්දර 2.45 ට උදේ 8.15ට හවස 5.00ට 6.20ට, 8.15ට රාත්‍රි 9.00ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය අටක් ධාවනයට එක්වන බවද හෙතෙම කීය.

13දා උදේ9.00ට කොළඹ කොටුවෙන් අනුරාධපුරය දක්වාත්, උදේ8.00ට 11.20ට සහ සවස 3.00ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය හතරක් ක්‍රියාත්මක බව ප්‍රකාශ කළේය.

14දින අනුරාධපුරයේ සිට කොළඹ බලා දුම්රිය තුනක් ධාවනය වන බව කී හෙතෙම උදේ8.00ට 11.20 සහ සවස 5.00 ඒවා ධාවනය වන බව අනාවරණය කළේය.

පොසොන් මංගල්‍යට බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනීමට යන බැතිමතුන්ගේ ගමන් පහසුව සදහා සාමාන්‍ය ගාස්තු යටතේ විශේෂ බස් රථ 1000ක් ධාවනයට යොදවා ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්ෂ එච්. එම් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

සාමාන්‍ය බස් සේවාවලට අමතරව මෙම විශේෂ සේවාව දිවා රාත්‍රි ක්‍රියාත්මක බව කී හෙතෙම කොළඹ- අනුරාධපුර, කොළඹ – පොලොන්නරු, කුරුණෑගල-අනුරාධපුරය සහ, මිහින්තලේ -අනුරාධපුරය ආදි ලෙස ක්‍රියාත්මක බව සදහන් කළේය.

සෝමාවතිය සහ මිහින්තලේ වැද පුදා ගන්නන්ගේ පහසුව සදහා දිවයිනේ සෙසු නගර වල සිටද බස් රථ ධාවනයට කටයුතු සූදානම් බව ඒ මහතා අනාවරණය කළේය.

අනුරාධපුරය සිට මිහින්තලය දක්වා බස් රථ 40-50 පමණ ධාවනයට යොදවා ඇතැයිද සෑම පැයකටම බස් රථ දෙක බැගින් ධාවනය වන බවද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply