November 17, 2017

පිරිවෙන් සිසුන් සඳහා නිල ඇදුම් බෙදා දීමේ බලතල අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගනී.

By admin - Wed Jun 11, 6:30 am

z_p34-piri
ධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක මහතා යටතේ පැවැති පිරිවෙන් සිසුන් සඳහා නිල ඇදුම් බෙදා දීමේ බලතල ඉකුත් 04 දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අහෝසි කර එය අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගෙන ඇත. පාසල්වලට මේස, පුටු, පෙළ‍පොත් හා පාසල් නිල ඇඳුම් බෙදා දීමේ බලතල අධ්‍යාපන සේවා අමාත්‍යංශය යටතට පැවැරී තිබූ අතර ඉන් පිරිවෙන් සඳහා නිල ඇඳුම් බෙදා දීමේ කටයුතු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙත පවරාගෙන තිබේ.
පිරිවෙන්වලට පෙළ‍පොත් හා නිල ඇඳුම් බෙදා දීම අමාත්‍යංශ දෙකක් යටතේ සිදුවීම තුළින් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවිය හැකි බැවින් පෙළ ‍පොත් බෙදා දීමද අධ්‍යාපන අමාත්‍යංශය යටතේම කරන්නැයි දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Leave a Reply