November 17, 2017

ලොව විශාලතම සැතපෙන සෙල්මුවා බුදුරුව රුවන්වැල්ලෙන්

By admin - Mon Jun 16, 8:52 am

logo new 2
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති නාරංගස්තැන්නේ ධම්මකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි ලෝකයේ විශාලතම සැතපෙන සෙල්මුවා බුද්ධ ප්‍රතිමා වහන්සේ රුවන්වැල්ල-හුඹස් වලාන ශ්‍රී ශෛල බිබ්බාරාම රාජමහා විහාරස්ථානයේ නිර්මාණය කරගෙන යනු ඇත.

දිගින් අඩි 80ක්ද සිරිපතුල ප්‍රදේශය අඩි 9 අඟල් 8ක්ද සිරසෙහි උස අඩි 11යි අඟල් 04ක් හා සිරස තබන කොට්ටය අඩි 11 අඟල් 04ක්ද වන‍සේ නිර්මාණය වන මේ බුදුරුව නිර්මාණය කිරීමේ සමාරම්භය 2012 වප්පුර පසළොස්වක් පුන්පොහෝදා පවත්වා ඇත.

පෙර ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන් යාන්ත්‍රික අතින් නොදියුණු යුගයක ලෝකයම විස්මයට පත්කරවමින් දැයට දායාද කළ ජාතික උරුමයන් වු වෙහෙර විහාර ස්ථානවලට අපි අදත් වැඳුම් පිදුම් කරන බවත් සියවස් ගණනකට පෙර වු ඒ අතීතය දෙනෙත් විවර කරමින් මේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරගෙන යනුයේ වසර 3කින් එය අවසන් කිරීමේ හුදු බලාපොරොත්තුවෙන් බවත් විදුලි සංන්දේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ සහභාගිත්වයෙන් යුත් රන්වැලි බුද්ධ ප්‍රතිමා කමිටුව පවසයි.

ලක්දෙරණට බුදුරදුන් වැඩම කර සමන්ගිරි පව්වේ සිරිපා ලාංජනය තබා දිවා ගු‍හාවෙහි දිවා විහරණය සඳහා සයනාසනයෙහි සැතපි වැඩසිටි අයුරු නිරූපනය කෙරෙන ලෙසින් නිමවන ලෝකයේ එකම පිළිම වහන්සේ නිර්මාණය වනුයේ පෙර රජ දවස මෙන් ලාංකික ශිල්පීන් අතිනි.

මේ සඳහා රුපියල් හත්කෝටි තිස්තුන් ලක්ෂදහසය දහසක් වැය වෙතැයි ගණන් බලා ඇත.

Leave a Reply